ට්‍රම්ප් පාලනය ඉන්ධන වෙළෙඳපොලට කරන බලපෑම

ට්‍රම්ප් පරිපාලනය යටතේ චීනය යළිත් අමෙරිකාව සමග වෙළඳ යුද්ධයකට මුහුණ දෙනු ඇතැයි ජාත්‍යන්තර ආර්ථික විශ්ලේෂකයින් මත පල කරනවා.

ඔවුන් පවසන්නේ ට්‍රම්ප් නැවත බලයට පත්වීම, චීනයේ ඉන්ධන ආනයනයට ද දැඩි බලපෑමක් එල්ල වනු ඇති බවයි.

ඩොනල්ඩ් ට්‍රම්ප් ජනවාරි මාසයේදී එක්සත් ජනපද ජනාධිපති ලෙස නැවත පැමිණීමෙන් පසු, ඉරානයට සම්බාධක ක්‍රියාත්මක කිරීම වේගවත් කරන්නේ නම් ලොව විශාලතම තෙල් ගැනුම්කරු වන චීනයේ තෙල් ආනයනයෙන් 13%ක් පමණ වන ඉරාන බොරතෙල් සැපයුමෙන් චීනය පීඩාවට පත්වනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් කරන්නේ.

ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන පිළිබඳ උත්සුකයන් මත ඉරානයේ තෙල් කර්මාන්තයට දැඩි සම්බාධක පිළිබඳ ඔහුගේ “උපරිම පීඩන ප්‍රතිපත්තිය” ඔහුගේ දෙවන ධූර කාලය තුළ නැවත පැනවීමට අපේක්ෂා කරනු ඇති බව ඉරාන, අරාබි සහ බටහිර නිලධාරීන් පවසනවා බවත් එම මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

එවැනි පියවරක් චීනයේ ආනයන වියදම ඉහළ යනු ඇතැයි එම වාර්තාවල වැඩිදුරටත් සඳහන් වන්නේ,

“ට්‍රම්ප්ගේ ජයග්‍රහණය මගින් එක්සත් ජනපදය ඉරානයට එරෙහිව සම්බාධක ක්‍රියාත්මක කිරීම දැකගත හැකි අතර, එමඟින් ඉරාන තෙල් අපනයනය අඩු කර තෙල් මිල ඉහළ යාමට පොළඹවනු ඇත” යනුවෙන් ඕස්ට්‍රේලියාවේ Commonwealth Bank හි වෙළඳ භාණ්ඩ උපායමාර්ගිකයෙකු වන විවේක් ඩාර් සටහනක දක්වා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා

What's your reaction?

Related Posts

1 of 450

Leave A Reply

Your email address will not be published. Required fields are marked *