ටැන්සානියාවේ ජල ගැලීම්වලින් 150ක් මරුට

එල් නිනෝ හේතුවෙන් ඇති වූ අධික වර්ෂාවත් සමඟ ටැන්සානියාවේ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් පුද්ගලයින් 150 කට අධික පිරිසක් මියගොස් තිබෙනවා.

ලක්ෂ දෙකකට අධික පිරිසක් ආපදාවට ලක්ව ඇති අතර, නිවාස 51,000 ක් හානියට පත්ව ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අධික වර්ෂාව ලබන මාසය දක්වා පැවතිය හැකි බවට කාලගුණ බලධාරීන් අනතුරු අඟවා ඇති අතර, අවදානම් ප්‍රදේශවලින් ඉවත්වන ලෙසටයි දැනුම්දී ඇත්තේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *