ටිපර් රථයකට යට වූ තරුණයෙක් එතැනම මරුට

යාපනයේ ඒ-9 මාර්ගයේ, චාවාකච්චේරී කයිතඩි නුනාවිල් ප්‍රදේශයේදී ටිපර් රථයක ගැටුණු තරුණයෙකු සිද්ධිය වූ ස්ථානයේම මියගොස් තිබෙනවා.

මෙම අනතුර සිදුව ඇත්තේ අද (13) අලුයම් කාලයේ.

මාර්ගයේ ගමන් කරමින් සිටි මෙම තරුණයා චාවාකච්චේරි සිට යාපනය දෙසට ගමන් කරමින් තිබූ ටිපර් රථයක ගැටී, පාර මැදට ඇද වැටීමෙන් පසුව එම ටිපර් රථයකටම යට වී මියගොස් තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ කුරුණාගල ප්‍රදේශයේ සිට රැකියාවකට යාපනයට පැමිණ සිටි වයස අවුරුදු 34ක තරුණයෙක්.

අනතුරත් සමගම ටිපර් රථ‍යේ රියදුරා එම රථය මාර්ගයේම දමා පලාගොස් ඇති අතර, පසුව චාවාකච්චේරී පොලීසිය වෙත බාර වී ඇති බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

මියගිය තරුණයාගේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සදහා යාපනය ශීක්ෂණ රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර, චාවාකච්චේරී පොලීසිය ටිපර් රථ රියදුරාව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *