ටිපර් රථයක් ප්‍රපාතයකට පෙරලෙයි

ගල් කුඩු ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 50ක් පමණ ප්‍රපාතයකට පෙරලී තිබෙනවා.

අනතුරින් එම ටිපර් රථයේ රියදුරා බරපතල තුවාල ලබා දික්ඔය මුලික රෝහලට ඇතුලත් කළ බවයි පොලිසිය පවසන්නේ.

මෙම අනතුර අද (14) දින උදැසන 08 ට පමණ හැටන්, කුඩාඔය, ආර්ගිල්වත්ත ප්‍රදේශයේදි සිදු වි ඇති බව දිඹුලපතන පොලිසිය පවසනවා.

අනතුරෙන් ටිපර් රථයට දැඩි අලාභ හානි සිදුව තිබෙනවා.

ගල් කොරියේ සිට හැටන් දක්වා ගල් කුඩු ප්‍රවාහනය කරමින් තිබු තවත් ටිපර් රථ දෙකක් අනතුරට පත් ටිපර් රථය ඉස්සර කර යාමට උත්සහ කිරිමේදි මෙම ටිපර් රථය තරමක් මාර්ගයේ පසකට ගෙන තිබෙන අතර තුර රියදුරුට පාලනයෙන් මිදි රථය ඉවතට පැන අනතුර සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *