ඩග්ලස් දේවානන්දා මාද්‍ය හමුව.

🚫සමාජ මාද්‍යයේ අපි ගැන බොරු කියලා අපිව පරාද කළා.
🚫ආන්ඩුව කරන හැටි අපි බලන් ඉන්නවා.
🚫හමුදාව ඉවත් කරලා ඉඩම් ලබාදෙනවා කිව්වට තවම එය සිදුවෙලා නෑ.

හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා අද කොළඹදී මාද්‍ය හමුවක් කැදවා ප්‍රථමයෙන් දෙමළ මාද්‍යයෙන් අදහස් දැක්වීමෙන් අනතුරුව පසුව සිංහල මාද්‍යයෙන් මාද්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිලිතුරු ලබා දුන්නා.

මම අවුරුදු 30 ක් පාර්ලිමේන්තුවේ හිටියා. හැබැයි අපි ගැන බොරු ප්‍රචාර කරලා මේ පාර අපිව පැරැද්දුවා.
ජනතාව වෙනසක් අපේක්ශා කරලා තමයි මේ මැතිවරනයේදී ජන්දය පාවිච්චි කලේ.තව ටික කාලයක් ගියාම තමයි ජනතාවගේ තීරණය හරිද වැරදිද කියලා බලන්න වෙන්නේ.
ජනතාවගේ තීරණයට අපි ගරු කරනවා.

උතුරෙන් අලුතෙන් පත්වෙලා ආව අයත් දේශපාලනයට ජාතිවාදය එකතුකරගන්නවා.ඒක වැරදි වැඩක්.ස්වාදීන මන්ත්‍රී අර්චුනා කරන්නෙත් ඒ වගේ වැඩක්.

මහ විරු සැමරුමට මම ඉස්සර සහයෝගය දුන්නේ නෑ. නමුත් දැන් මේ ආන්ඩුව සමරන්න දෙනවා.

13 ක්‍රියාත්මක කරන්න ඕනේ. මම අනුර ජනාධිපතිතුමාටත් ඒ ගැන යෝජනා දුන්නා. ඔහු කිව්වා අලුත් පාර්ලිමේන්තුවේ සාකච්ජා කරමු කියලා. නමුත් මට පාර්ලිමේන්තු යන්න බැරි වුනා.

උතුරු නැගෙනහිරෙන් පත් වෙච්ච මන්ත්‍රීවරු තවමත් ආන්ඩුවට විරෝදයක් දක්වන්නේ නෑ.

කයිට්ස් ප්‍රදේශිය සභාවටත් අපි තරඟ කරන්න බලන් ඉන්නවා.

දේශපාලනයෙන් මම සමුගන්නේ නෑ. මට තවම වයස 67යි.ඩොනල්ඩ් ට්‍රම්ප්ටත් වයස 80 ක්
ඉතින් දැන්ම දේශපාලනයෙන් සමුගන්න තවමත් බලාපොරොත්තුවක් නෑ.

අපි මේ රජය ගෙනියන වැඩපිළිවෙල ගැන බලාගෙන ඉන්නේ.

What's your reaction?

Related Posts

1 of 118

Leave A Reply

Your email address will not be published. Required fields are marked *