ඩැට් දීමනාවේ ඉතිරිකොටස පිළිබඳ පැවති රජයේ එකඟතාවය, නව සෞඛ්‍ය ඇමති නලින්දගේ අවධානයට..

සෞඛ්‍ය සේවාව සඳහා වියදම් කළමනාකරණය කර ගැනීම දූෂණ වංචා අවම කර ගැනීම සහ කාර්ය මණ්ඩලයේ තෘප්තිමත්භාවය වැඩි කරමින් උපරිම සේවාවක් මහජනතාව වෙත ලබාදීම ඇතුළු මෙතෙක් නොවිසිදු වූ ගැටලු ගණනාවක් පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යවරයා සමඟ පරිපූරක වෛද්‍ය සේවා වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය ඊයේ දිනයේදී සාකච්ඡාවක් පැවැත්විය.

පරිපූරක වෛද්‍ය උපාධිධාරීන්ට සිදුවී ඇති වැටුප් විෂමතාවය ඉවත් කරවා ගැනීම, බඳවා ගැනීම අත්හිටුවා ඇති උපාධිධාරීන් කඩිනමින් බඳවා ගැනීම, ප්‍රමාද වී ඇති අධිකාරීන් බඳවා ගැනීම, පළමු පන්තියේ කාළමනාකරණ පුහුණුව වැනි කාලාන්තරයක් තිස්සේ නොවිසිදුනු සියලු ගැටලු පිළිබඳව නව සෞඛ්‍ය ඇමතිවරයාගේ අවධානයට ලක් කිරීම මෙහිදී සිදුවිය.

සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට හිමි විය යුතු ඩැට් දීමනාවේ ඉතිරි කොටස ලබා ගැනීම පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ අතර හිටපු ජනාධිපතිවරයා විසින් මීළඟ ණය වාරිකය ලැබීමෙන් අනතුරුව එය ලබා එකඟව, වෘත්තීය සමිති සමග ඇති කර ගත් එකඟතාවය සහා ආර්ථික යුක්තිය ඉටු කිරීම සදහා මුදල් අමාත්‍යාංශයේ එකඟතාවය සහිතව සකස් කල තාක්ෂණික වාර්ථාවද, නව සෞඛ්‍ය අමාත්‍යවරයාගේ සහ නියෝජ්‍ය අමාත්‍යවරයාගේ අවධානයට ලක් කරන ලදී.

එසේම රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ තීන්දු ප්‍රමාද වීම සහ විධිමත් නොවීම හරහා සෞඛ්‍ය සේවාවේ ගැටලු උග්‍ර තත්ත්වයට පත්වීම වළක්වා ගැනීමට පියවර ගන්නා ලෙසද පරිපූරක වෛද්‍ය වෘත්තිවේදීන්ගේ බල මණ්ඩලය අමාත්‍යවරයාගෙන් එහිදී ඉල්ලා සිටින ලදී.

එසේම විවිධ සෞඛ්‍යය බලධාරීන් විසින් පාර්ශවික ලෙස ඇඟිලි සලකුණු යන්ත්‍ර යෙදවීමට දරන උත්සාහය හේතුවෙන් සෞඛ්‍ය සේවාවේ අනවශ්‍ය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ඇතිවීම වළක්වා ගැනීමට කටයුතු කරන ලෙසද, විවිධ වෘත්තීන්ට විවිධාකාරයෙන් සලකන සෞඛ්‍ය අමාත්‍යාංශයේ පිළිවෙත වළක්වා ගැනීම සඳහා කටයුතු කරන ලෙසද එහිදී ඉල්ලා සිටින ලදී.

පැය දෙකකට වැඩි කාලයක් ඉතා සුහදශීලීව මෙම සාකච්චාව පැවැත්වුණු අතර, කිසිදු කාර්‍යමණ්ඩලයකට අසමාන සැකකීමකින් තොරව සාමූහික සේවාවක් ලෙස අමාත්‍යාංශයේ කටයුතු ඉදිරියට ගෙන යෑමටත්, එම ඉල්ලීම් සියල්ල හැකි ඉක්මනින් ඉටු කිරීමට තමන් උපරිමයෙන් උත්සාහ ගන්නා බවත් එහිදී අමාත්‍යවරයා විසින් වෘත්තීයවේදීන්ට පොරොන්දු විය.

රවී කුමුදේශ් සභාපති
පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය

What's your reaction?

Related Posts

1 of 443

Leave A Reply

Your email address will not be published. Required fields are marked *