විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ මගපෙන්වීම හා අධීක්ෂණය මත විශේෂ කාර්ය බලකාය සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය 02 ස්ථානාධිපති පො.ප. C.R. පාරමුල්ලගේ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් 2024.12.11 වන දින කහතුඩුව පොලිස් වසමේ පොල්ගස්ඔවිට ප්‍රදේශයේදී වැටලීමක් සිදු කර ඇත.
එහි දී උපාය දූතයෙකු මාර්ගයෙන් අයිස් මත්ද්‍රව්‍ය 01kg කට ආසන්න ප්‍රමාණයක් කැස්බෑව ප්‍රදේශයට ගෙන්වා ගෙන ඇති අතර ඒ ඔස්සේ සිදු කරන ලද වැඩිදුර විමර්ශණ වලදී පොල්ගස්ඔවිට ප්‍රදේශයේ කුලී පදනම මත ලබා ගෙන ඇති නිවසක සගවා තිබු හෙරොයින් 5kg කට ආසන්න ප්‍රමාණයක් අයිස් මත් ද්‍රව්‍ය 1.5kg කට ආසන්න ප්‍රමාණයක් හා ඩාන්සින් පිල් නමින් හැදින්වෙන මත් පෙති 800 ක ප්‍රමාණයක් ඇතුළු රුපියල් බිලියන 120 කට ආසන්න වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් සමග මෙරට මත් ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ලද නෑබඩ ප්‍රදේශයේ පදිංචි අවුරුදු 27 වන පිලාන කංකානම්ගේ ක්‍රිශාන් සංජුල හෙවත් “සංජු” නැමැති පුද්ගලායකු අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩි දුරටත් සිදු කරනු ලබන ප්‍රශ්ණ කිරීමේදී මෙම මත් ද්‍රව්‍ය තොගය ඩුබායි රාජ්‍යයේ සැගවී සිටින කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම් කාරියක වන කාංචනා නම් කාන්තකතාවකට අයත් බව හෙලි වී ඇත. තවද මෙම නිවස එම කාන්තාව විසින් කලක සිට කුලී පදනම මත ලබා ගෙන මත්ද්‍රව්‍ය ගබඩා කර තබා ගන්නා ස්ථානයක් ලෙස යොදා ගනිමින් මෙහි සිට විවිධ ප්‍රදේශ වෙත මත්දුව්‍ය බෙදා හැරීම සිදු කොට ඇති බවටද තොරතුරු අනාවරණය කරගෙන ඇත. අත්අඩංගුවට ගන්නා ලද මෙම මත් ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන සදහා මත් ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත බාරදී ඇත.