ඩෙංගු ගැන සිහිකැඳවීමක්

මේ වන විට දෛනිකව ඩෙංගු රෝගීන් 100කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

ජනවාරි මාසයේ සිට මේ දක්වා ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් 25,619 ක් වාර්තාවී ඇති අතර මරණයට පත්ව ඇති සංඛ්‍යාව 9 ක්.

ඩෙංගු රෝගීන් වැඩිම පිරිසක් වාර්තා වන්නේ, බස්නාහිර පළාතෙන් වන අතර, එම සංඛ්‍යාව 9,348 ක්.

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර කියා සිටියේ වයඹ, දකුණ, සබරගමුව හා මධ්‍යම පළාත්වල ද ඩෙංගු පැතිරයාම සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කළ යුතු බවයි.

අද දිනයේත් බස්නාහිර, වයඹ සහ දකුණු පළාත්වලත්, මහනුවර, නුවරඑළිය දිස්ත්‍රික්කවලටත් වැසි ඇතිවන අතර, සබරගමුව පළාතට සහ නුවරඑළිය දිස්ත්‍රික්කයට මිලිමීටර 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *