ඩෙංගු රෝගීන් 38,088ක්.

මේ වසරේ ජනවාරි සිට ඊයේ (16දා) දක්වා ඩෙංගු රෝගීන් 38,088ක් වාර්තා වී තිබෙන බව ස්‍යෙඛ්‍ය අංශ පවසනවා.

එම රෝගීන්ගෙන් 24.8%ක් වන රෝගීන් 9451ක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙන බවයි පෙන්වා දන්නේ.

මේ අතර, ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 4381ක් සහ කලුතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 2097ක් වශයෙන් වාර්තා වනවා.

ඒ අනූව බස්නාහිර පළාතෙන් රෝගීන් 15,929ක් වාර්තා වී තිබෙන අතර එය සමස්ත රෝගීන්ගේ ප්‍රතිශතයක් ලෙස 41.8%ක් බවයි සඳහන් වන්නේ.

උතුරු පළාතෙන් රෝගීන් 4738ක් සහ මධ්‍යම පළාතෙන් රෝගීන් 3,895ක් වාර්තා වන බවයි පැවසෙන්නේ.

වයඹ පළාතෙන් රෝගීන් 2521ක් හා දකුණු පළාතෙන් රෝගීන් 2834ක් වාර්තා වී තිබෙන අතර සබරගමුව පළාතෙන් රෝගීන් 3875ක් වාර්තා වී තිබෙනවා.

මේ මාසයේ ගෙවුණු දින කිහිපයේදී රෝගීන් 1,446ක්ද පසුගිය මාසයෙහිදී රෝගීන් 3,897ක්ද වාර්තා වු බව ස්‍යෙඛ්‍ය අංශ පවසනවා.

මේ අතර 2024 වසරේ ගෙවී ගිය කාලයට ඩෙංගු රෝගය වැලඳීම නිසා පුද්ගල මරණ 17ක් සිදුව තිබෙන බවයි පැවසෙන්නේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *