ඩෙවෝන් තෝමස්ට වසර පහක තරග තහනමක්

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ඩෙවෝන් තෝමස් හට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් වසර පහක ක්‍රිකට් තරග තහනමක් පනවා තිබෙනවා.

තරග මුදලට පවා දීම ඇතුළුව චෝදනා 7ක් සම්බන්ධයෙන් ඔහුට මෙසේ ක්‍රිකට් තරග තහනම පනවා ඇති බවයි සඳහන් වන්නේ.

2021 ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේදී තරග මුදලට පාවා දීම යන චෝදනාව ඔහුට එරෙහි ප්‍රධානතම චෝදනාව වෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් සංග්‍රහයේ 2.1.1 වගන්තිය , 2.4.4 වගන්තිය, 2.4.6 වගන්තිය, 2.4.7 වගන්තිය, 2.4.2 වගන්ති යටතේ ඔහුට චෝදනා එල්ල වී ඇති බවද සඳහන්.

ඒ අනුව වසර 5ක් සඳහා ඔහුට මෙසේ තරග තහනමක් පනවා ඇති බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කර සිටින්නේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *