ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඩොලර් 9,000ක දඩයක්

තමන් සමග සමීප සබඳතාවයක් පැවැත්වූ නිළියකට 2016 ජනාධිපතිවරණයේදී එම සබඳතාව පිළිබඳ තොරතුරු හෙළි නොකරන්නැයි පවසමින් මුදල් ගෙවීම පිළිබඳ සාපරාධී නඩු විභාගයේදී අධිකරණයට අපහසා කිරීමේ චෝදනාව මත අමෙරිකාවේ හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට අමෙරිකානු ඩොලර් 9,000ක දඩයක් නියම කර තිබෙනවා.

ඔහු ඉදිරියටත් අධිකරණයට අපහාස කළහොත් ඔහුව සිරදඬුවම් නියම කිරීම පිළිබඳව ද සලකා බලන බවයි විනිසුරුවරයා පවසා ඇත්තේ.

මෙම නඩුවට සම්බන්ධ සාක්ෂිකරුවන් ඇතුළු පිරිසක් විවේචනය කිරීම වළක්වාලමින් අධිකරණය ට්‍රම්ප්ට නියෝගයක් නිකුත් කර තිබූ නමුත් ඔහු අන්තර්ජාලය ඔස්සේ ඔවුන්ව විවේචනය කිරීමෙන් අධිකරණයට අපහාස කළ බවටයි චෝදනා එල්ල වී ඇත්තේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *