ඩොලරයේ අගය වෙනස් වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (15) නිකුත් කළ මුදල් විනිමය අනුපාත වාර්තාවට අනුව ඊයේ දිනයට සාපේක්ෂව අද දින එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් සහ විකුණුම් අගය සුළු වැඩිවීමක් වාර්තා කර තිබෙනවා.

ඒ අනුව අද දිනයේ ඇමරිකානු ඩොලරයක ගැණුම් වටිනාකම රුපියල් 296.74ක් ලෙස සටහන් වී තිබූ අතර ඊයේ දිනයේ ඇමරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 295.67 ක් ලෙස සටහන් වුණා.

එමෙන්ම අද දින ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 306.42ක් ලෙස වාර්තා වූ අතර ඊයේ දිනයේ එම අගය සටහන් වූයේ රුපියල් 305.23ක් ලෙසයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *