ඩොලරයේ වෙනසක්

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) නිකුත් කරන ලද මුදල් විනිමය අනුපාත වාර්තාවට අනුව පෙර මාසයට සාපේක්ෂව අද දින එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් සහ විකුණුම් අගය සුළු පහත වැටීමක් පෙන්නුම් කළා.

ඒ අනුව අද දිනයේ ඇමරිකානු ඩොලරයක ගැණුම් වටිනාකම රුපියල් 292. 68 ක් ලෙස සටහන් වුණා.

පෙරේදා දිනයේ අමෙරිකානු ඩොලරයක ගැණුම් වටිනාකම රුපියල් 293. 44 ක් ලෙසයි සටහන් වුණේ.

එමෙන්ම අද දිනයේ ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 302. 35ක් ලෙස දැක්වුණු අතර පෙරේදා අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 302. 76 ක් ලෙස සටහන් වුණා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *