ඩොලර් මිලියනයක නෝට්ටු සමග තුන්දෙනෙක් අත්අඩංගුවට

කිළිනොච්චියේ උදුරිලියල් කන්දසාමී කෝවිල අසලදී පොලීසිය විසින් ඇමරිකානු ඩොලර් මිලියනයක් සමග සැකකරුවන් තුන් දෙනෙකු ඊයේ (15) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

යුද හමුදා බුද්ධි අංශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත සැකකරුවන් අත් අඩංගුවට පත්ව ඇත්තේ, එම ඇමරිකානු ඩොලර් මිලියනයක මුදල් නෝට්ටු ශ්‍රී ලංකාවේ රුපියල් බවට පත් කිරීමට කිළිනොච්චිය නගරයට ආසන්න ස්ථානයකට රැගෙන එන ලද අවස්ථාවේදී.

යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන්ට ලැබුණු තොරතුර කිළිනොච්චිය පොලීසියට දන්වා නිලධාරීන් දෙපිරිසම ගොස් සැකකරුවන් පරීක්ෂා කිරීමේදී එම මුදල් නෝට්ටු හමු වී ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

පොලීසිය විසින් අත්අඩංගුවට ගත් සකකරුවන් තුන් දෙනාගෙන් ප්‍රශ්න කිරීමේදි ඔවුන්ගෙන් එක් අයෙකු හෝ විදේශ ගතව නොසිටි බවට තොරතුරු ලැබී ඇති අතර ඔවුන්ට එම නෝට්ටු ලැබුණු ආකාරය පිළිබදව තව දුරටත් ප්‍රශ්න කරගෙන යනවා.

ඇතැම් විට මෙම ඇමරිකානු ඩොලර් නෝට්ටු ව්‍යාජ ලෙස මුද්‍රණය කළ ඒවාදැයි සොයා ගැනීමට කිලිනොච්චියේ බැංකු වල සහය ලබා ගැනීමටද කිළිනොච්චිය පොලීසිය පියවර ගෙන ඇති බවද අප වාර්තාකරු සඳහන් කළා.

ප්‍රශ්න කිරීම් වලින් අනතුරුව සැකකරුවන් කිළිනොච්චිය අධිකරණයට ඉදිරිපත් කිරීමට කිළිනොච්චිය පොලීසිය පියවර ගෙන තිබෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *