තණමල්විල සිසුවිය අපයෝජනයට තවත් සිසුන් හතරක් අත්අඩංගුවට

තණමල්විල ජාතික පාසලේ 11 ශ්‍රේණියේ දැරියක සමූහ දූෂණය කිරීමේ සිද්ධියට සැක පිට තවත් සිසුන් සිව් දෙනෙකු ලුණුගම්වෙහෙර පොලිසිය විසින් ඊයේ (15) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ලුණුගම්වෙහෙර පොලිස් කොට්ඨාශයේ පාසලක ඉගෙනුම ලබන සිසුන් තිදෙනෙකු හා තණමල්විල ජාතික පාසලේ ඉගෙනුම ලබන සිසුවෙක්.

අත්අඩංගුවට පත් සිසුන් 15 හා 16 වයස්වල පසුවෙනවා.

පසුගිය අප්‍රේල් මාසයේ ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ පාසලක් අසල පිහිටි ක්‍රීඩා පිටියක පැවති සංගීත සංදර්ශනයක් අතරතුර මෙම සිසුන් විසින් මෙම දැරියට අතවර කර ඇති බවයි මුලික පොලිස් පරීක්ෂණවලදි අනාවරණය වි ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වන අතර අත්අඩංගුවට ගත් සිසුන් තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *