“තම ආණ්ඩුවක් තුළ සමෘද්ධි ව්‍යාපාරය, තවදුරටත් ශක්තිමත් කරනවා”

ග්‍රාමීය ආර්ථිකය සවිමත් කරමින් අසරණ ජනතාව දුප්පත්කමින් මුදා ගන්නා සමෘද්ධි ව්‍යාපාරය, තම ආණ්ඩුවක් තුළ තවදුරටත් ශක්තිමත් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

සමෘද්ධි පවුලක දරුවාට දේශීය විදේශීය රැකියා වෙළදපලට යාමට අවකාශය සලසන බවද ඒ අනුව එම ජනතාව සැමදා සමෘද්ධි ප්‍රතිලාභින් වෙනවා වෙනුවට දේශීය ආර්ථිකයට ආදායම් උත්පාදනය කරදෙන පිරිසක් බවට පත්කරන බව ඔහු කියා සිටියා.

මන්ත්‍රී නාමල් රාජපක්ෂ මේ බව පැවසුවේ ඊයේ (26) කුරුණෑගල, රිදීගම සතිපොළ ක්‍රීඩාංගණයේ පැවැති ජනහමුවට එක්වෙමින්.
එහිදී වැඩිදුරටත් අදහස් පළකළ නාමල් රාජපක්ෂ “සමෘද්ධි ව්‍යාපාරය ශක්තිමත් කරන්න ඕන. ඇයි මේ සමෘද්ධිය දෙන්නේ කියලා අද සමහරු සිතනවා. ඇයි 5000 බැඟින් දෙන්නේ කියනවා. එහෙම කියපු අය අස්වැසුම ගෙනවිත් මාස තුනෙන් හයෙන් නැතිවන ව්‍යාපෘති නිර්මාණය කළා. සමෘද්ධි ව්‍යාපාරය තුළ තමයි මේ රටේ ග්‍රාමීය ආර්ථිකය වගේම අහිංසක දෙමාපියන් දුප්පත්කමින් එළියට ගන්න පුලුවන් වැඩපිළිවෙළ තිබෙන්නේ කියලයි අපි විශ්වාස කරන්නේ. ඒ අනුව මම හදන ආණ්ඩුව තුළ සමෘද්ධි ව්‍යාපාරය ශක්තිමත් කරනවා. අපි සමෘද්ධිලාභියා ව්‍යවසායකයෙක් බවට පත් කරනවා. සමෘද්ධි පවුලක දරුවාට දේශීය විදේශීය රැකියා වෙළදපලට යන්න අවකාශය අපි සකස් කරනවා. ඒ අනුව එම ජනතාව හැමදාම සමුර්දි ප්‍රතිලාභින් වෙනවා වෙනුවට ඔවුන් දේශීය ආර්ථිකයට ආදායම් උත්පාදනය කරදෙන අයෙක් බවට පත්කරනවා. එයයි අපි මේ රටේ ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීමෙන් බලාපොරොත්තු වෙනවා. ඒ තුලින් අපි දේශීය ව්‍යාපාරිකයා ගොඩනගන්නත් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සමෘද්ධි ව්‍යාපාරයේ මූලික හරයන් ආරක්ෂා කරන්නත් බලාපොරොත්තු වෙනවා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වැඩිදුරටත් කියා සිටියා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *