තම ඡායාරූපය සහිත මුද්දරයක් මුද්‍රණය කර භාවිතයට ගැනීමේ අවස්ථාව

තම ඡායාරූපය සහිත මුද්දරයක් මුද්‍රණය කර භාවිතයට ගැනීමේ අවස්ථාව මේ වන විට ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ලාංකික ජනතාව වෙත පිරිනමා ඇති බව තැපැල්පති රුවන් සත්කුමාර මහතා පවසයි.

මෙරට පැරණිතම පුද්ගලික වානිජ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුවේ 135 වැනි සංවත්සරය සමරනු වස් මුල්දින කවරයක් එළිදැක්වීම වෙනුවෙන් අද (06) පෙරවරුවේ දී කොළඹ හැටන් නැෂනල් බැංකු මූලස්ථාන පරිශ්‍රයේ පැවති උත්සවයකට එක්වෙමින් තැපැල්පතිවරයා මේ බව කියා සිටියේය.

“තමන්ගේ පිංතූරය දාලා මුද්දරයක් මුද්‍රණය කර ගන්න පුළුවන්. දැන් අපි අය කරන්නේ රු. 2,000 යි. මුද්දර 20 ක sheet එකක් දෙනවා. තමන්ගේ උපන් දිනයට, තමන්ගේ යාළුවාගේ උපන්දිනයට, තමන්ගේ දුවගේ පුතාගේ විවාහ ඇරයුම්පත යවන්න ඒ දෙන්නාගේ පිංතූරය තියෙන මුද්දරයක් ඇතුව යවන්න පුළුවන්. මේක සාමාන්‍යයෙන් තැපැල් මුද්දරයක් විදියට භාවිත කරන්න පුළුවන්“, යනුවෙන් තැපැල්පතිවරයා මෙහිදී අදහස් දැක්වීය.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *