තරුණයාගේ කැනඩා සිහිනය මගමරුවා බොඳකරයි

රැකියාවක් සදහා අද (මැයි 29) වෙනිදා කැනඩාවට යාමට වාසනාව උදා වී තිබූ යාපනයේ තරුණයෙකු සිය මිතුරන්ට ඒ බව කියමින් යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී එම යතුරුපැදිය පෙරළී පෙරේදා (27) මියගොස් තිබෙනවා.

මෙම අනතුර සිදුව ඇත්තේ යාපනයේ චාවාකච්චේරී පුතූර් ප්‍රදේශයේදී.

යාපනයේ මට්ටුවිල් ප්‍රදේශයේ පදිංචිව සිටි 22හැවිරිදි තරුණයෙක් මෙම අනතුරෙන් එම ස්ථානයේදීම මියගොස් තිබෙනවා.

අධික වේගයෙන් ධාවනය කරවීම නිසා මෙම අනතුර සිදුව ඇති බවයි චාවාකච්චේරී පොලීසිය පවසන්නේ.

මියගිය තරුණයාගේ මළ සිරුර පරීක්ෂණ කටයුතු සදහා චාවකච්චේරී රෝහලට රැගෙන ඇති අතර අනතුර සම්බන්ධයෙන් චාවාකච්චේරී පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *