තරුණියක් අපයෝජනය කළ කුරුණෑගල උපකාරක පන්ති ගුරුවරයා අත්අඩංගුවට

කුරුණෑගල – මාවතගම ප්‍රදේශයේ පෞද්ගලික උපකාරක පංති පවත්වන ගුරුවරයෙකු, 19 හැවිරිදි තරුණියකට අතවර කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මාවතගම පොලිසිය විමර්ශණ ආරම්භකර තිබෙනවා.

අදාළ ගුරුවරයා මේ වනවිට මාවතගම පොලිසිය භාරයේ සිටින අතර, ඔහුගෙන් ප්‍රශ්න කරමින් සිටින බවයි අප කළ විමසීමකදී මාවතගම පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන්කර සිටියේ.

පොලිස් ස්ථානය ආසන්නයේම පිහිටි මෙම උපකාරක පංති පවත්වන ස්ථානයකට ඊයේ පස්වරුවේ තරුණියක පැමිණ ඇති අතර, ඒ වනවිටත් එහි ගුරුවරයෙකුත් සිට තිබෙනවා.

අදාළ ගොඩනැගිල්ලට යාබද ගොඩනැගිල්ලේ සී සී ටී වී කැමරා සවි කරමින් සිටි පිරිසකට ඒ සම්බන්ධයෙන් ඇති වූ සැකයක් මත සෝදිසි කර ඇති අතර, අදාළ උපකාරක පංතියේ විදුලිබල්බ දල්වා නොතිබීම හේතුවෙන් එම පිරිස එම ස්ථානයට ගොස් තිබුණා.

ඒ වනවිටත් උපකාරක පංති ගුරුවරයා බව කියන පුද්ගලයා තරුණියකට අතවර කරමින් සිට ඇති අතර, මෙම පිරිස යුහුසුළුව අදාළ පුද්ගලයාගෙන් එම දැරිය මුදා ගැනීමට පියවර ගෙන තිබෙනවා.

එම තරුණියට මත්වන යමක් පානය කිරීමට සලස්වා මෙම පුද්ගලයා අතවර කර ඇති බවත්, එම ස්ථානයේ තිබී මත්වන යමක්ද සොයාගෙන තිබෙනවා.

පසුව, එහි සිටි පුද්ගලයෙකු මාවතගම පොලිසියට ගොස් ඒ බව දැනුම්දීමෙන් පසු පොලිසිය එම ස්ථානයට පැමිණියා.

සංවර්ධන නිලධාරියෙකු වන මෙම උපකාරක පංති ගුරුවරයා මාවතගම අරංපොළ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව සඳහන්.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *