තරුණ සංගීත ශිල්පියෙකු තලාව ප්‍රදේශයේදී ජීවිතක්ෂයට

අනුරාධපුර පාදෙණිය ඒ 28 ප්‍රධාන මාර්ගයේ තලාව ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් තරුණයකු ජීවිතක්ෂයට පත්ව ඇති බව තලාව පොලිසිය පවසනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ , තලාව කැකිරාව මාර්ගයේ, තලාව නගරයට ආසන්නව පදිංචිව සිටි 23 හැවිරිදි සංගීත ශිල්පියෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

අද (8) අනුරාධපුර දෙස සිට තලාව ප්‍රදේශයට යතුරු පැදියකින් ගමන් කරමින් සිටි මෙම තරුණයා තලාව ගොවිජන සේවා මධ්‍යස්ථාන ඉදිරිපිට දී එම යතුරු පැදිය මාර්ගයෙන් ඉවතට පැන මාර්ගය අසල කොහොඹ ගසක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *