තලංගමදී ත්‍රිරෝද රථ රියදුරෙකු ඝාතනයේ සැකකරු අත්අඩංගුවට

බත්තරමුල්ල – තලංගම අරුක්පිටිය ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී ත්‍රීරෝද රථ රියදුරෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ සැකකරු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ත්‍රිරෝද රථ අලුත්වැඩියා කරන ස්ථානයක් ඉදිරිපිටදී ඊයේ මෙම ඝාතනය සිදුව තිබුණා.

මුදල් ආරවුලක් මත මෙම ඝාතනය සිදු කර ඇති අතර මියගිය පුද්ගලයා තලවතුගොඩ ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි අයෙක්.

පොලිසිය සදහන් කළේ සැකකරු යතුරු පැදියකින් පැමිණ ඝාතනය සිදු කර පළා යන අයුරු සී.සී.ටී.වී කැමරාවක පටිගත වී ඇති බවයි .

ඒ අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු තලංගම දකුණ ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි තරුණයෙකු බවයි පොලිසිය සදහන් කළේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *