තලංගමදී පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කෙරේ

බත්තරමුල්ල – තලංගම අරුක්පිටිය ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී ත්‍රීරෝද රථ රියදුරෙකු ඝාතනය කර තිබෙනවා.

ත්‍රිරෝද රථ අලුත්වැඩියා කරන ස්ථානයක් ඉදිරිපිටදී අද උදෑසන මෙම ඝාතනය සිදුව ඇති බවයි පොලිසිය සදහන් කළේ.

ඝාතනය කර ඇති පුද්ගලයාගේ වයස අවුරුදු 45ක් පමණ වන අතර ඔහුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නැහැ.

පොලිසිය සදහන් කළේ ඝාතනය සිදු කළ පුද්ගලයින් සහ ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *