තලංගම කාන්තාවක් ඝාතනය කෙරේ

තලංගම – තලාහේන ප්‍රදේශයේදී අද අලුයම 31 හැවිරිදි කාන්තාවක් ඝාතනය කර තිබේ.

ඇගේ සැමියා සහ ඔහුගේ මිතුරා විසින් තියුණු ආයුධයකින් පහරදී අදාළ කාන්තාව ඝාතනය කර ඇති බව පොලිසිය සඳහන් කරයි.

අඹුසැමියන් අතර පසුගිය සතියේ ඇතිවූ බහින්බස්වීමක් දුරදිග ගොස් කාන්තාවගේ සැමියා සහ ඔහුගේ මිතුරා එක්ව පහරදී ඝාතනය කර ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී තිබේ.

ඝාතනයෙන් පසු සැකකරුවන් අඹුසැමි යුවළ පදිංචිව සිටි කුලී නිවසේ මළ සිරුර දමා ප්‍රදේශයෙන් පිටව ගොස් ඇති බව වාර්තා වේ.

කෙසේවෙතත් පසුව සැකකරුවන් නැවත පැමිණ ඇත්තේ ඝාතනය සම්බන්ධයෙන් පොලිසියට දැනුම්දීම සඳහාය.

ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පදිංචි, මියගිය කාන්තාවගේ 31 හැවිරිදි සැමියා සහ ඔහුගේ මිතුරකු වන ගලේවල ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි අයෙකි.

ඝාතනය සම්බන්ධයෙන් තලංගම පොලිසිය පරීක්ෂණ පවත්වයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *