තලාව පොලිස් ස්ථානාධිපතිට පහරදුන් සැකකරුවන් රිමාන්ඩ්

නීතිවිරෝධි මත්පැන් වැටලීමක් සඳහා ගොස් සිටියදී තලාව පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුලු පොලිස් නිලධාරීන්ට පහරදීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුවන් පස්දෙනා ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ, තඹුත්තේගම මහේස්ත්‍රාත්වරයා ඊයේ සිදුකළ නියෝගයකට අනුවයි.

තලාව – සුමුදුගම ප්‍රදේශයේ නීතිවිරෝධි මත්පැන් අලෙවි කර බවට ලද තොරතුරක් මත ඒ පිළිබඳව සොයා බැලීමට පෙරේදා තලාව පොලිස් ස්ථානයේ නිළධාරීන් පිරිසක් ගොස් තිබුණා.

එම අවස්ථාවේදී ප්‍රධාන සැකකරු සහ තවත් පිරිසක් විසින් පොලිස් ස්ථානාධිපතිවරයාට බැන තර්ජනය කර තියුණු ආයුධයකින් පහරදී තිබුණා.

රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු පිරිස අතරට කාන්තාවන් දෙදෙනෙකුද ඇතුළත්.

What's your reaction?

Related Posts

1 of 287

Leave A Reply

Your email address will not be published. Required fields are marked *