තවත් පිරමීඩයක් අල්ලයි

¨රයිඩ් ටූ ත්‍රී ෆ්‍රීඩම්” නමින් මහා පරිමාණ නීති විරෝධී පිරමිඩ ආයතනයක් කුරුණෑගල ප්‍රදේශයේ පවත්වාගෙන යමින් ජනතාවගෙන් රුපියල් කෝටි 350කට අධික මුදලක් වංචා කළැයි කියන එම පිරමීඩාකාර මුල්‍ය සමාගමේ අධ්‍යක්‍ෂවරුන් තිදෙනකු සහ මෘදුකාංග (ඇප් එක) නිර්මාණකරු නිර්මාණකරු ලබන 05 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (23) නියම කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරන ‘R3F’ පිරමීඩාකාර සමාගමේ අධ්‍යක්ෂවරුන් වන කුලියාපිටියේ ඩී.පී. රෝහිණී හා ඩබ්ලිව්. එම්. නිමල් ශාන්ත, නාගොල්ලාගම පදිංචි සමාගමේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂ මධුශංක අත්තනායක සහ මෘදුකාංගය (ඇප් එක) නිර්මාණය කළ ඉරුගල් බණ්ඩාර නමැත්තන්ය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ තැන්පතු රක්ෂණ නිරාවරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා කළ පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කළ බව දැනුම් දුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන අංශ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ජයසුන්දර මහතා සිද්ධියට අදාළව කළ විමර්ශනවල ප්‍රගතිය දැන්වෙන වාර්තාවක්ද ඉදිරිපත් කළේය.

තැන්පත් කරන මුදල් ජාත්‍යන්තර බයිනෑන්ස් සමාගම, ක්‍රිස්ටෝ කරන්සි සහ ජාත්‍යන්තර විද්‍යුත් වේදිකා andans විදේශයන්හි ආයෝජනය කර මාස 18 ක් ඇතුළත හතර ගුණයක ප්‍රතිලාභ ඩොලර්වලින් ලබා දෙන

බවට පවසමින් මෙම පිරමීඩාකාර මූල්‍ය වංචාව කර ඇති බවට කරුණු අනාවරණය වී ඇතැයි ද කුරුණෑගල, හෝමාගම, කුලියාපිටිය. මොරගොල්ලාගම, නාගොල්ලාගම ඇතුළු දිවයිනේ ප්‍රදේශ රැසක 5500කට අධික ජනතාව ගිණුම් 31,000 ක් ඔස්සේ මෙම වංචාවට හසු කරගෙන ඇතැයි ද දැනුම් දුන් ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයසුන්දර මහතා මුදල් ආයෝජනය කිරීමෙන් හා තවත් පුද්ගලයන්ට මෙම ආයෝජන ක්‍රමය හඳුන්වා දීමෙන් ප්‍රතිලාභ හිමිවන බව ඒත්තු ගන්වමින් සැකකරුවන් ජනතාවගෙන් මුදල් රැස් කර ඇතැයිද දැනුම් දුන්නේය.

අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් පිරමීඩාකාර මූල්‍ය සමාගමක් පවත්වාගෙන යෑම හා මුදල් විශුද්ධිකරණ පනත යටතේ අධිකරණයට ඉදිරිපත් කරන බවත් සිද්ධියට අදාළ විමර්ශන අවසන් වී නැති හෙයින් ඔවුන් රිමාන්ඩ් බාරයට පත් කරන්නැයි ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයසුන්දර මහතා ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු පිළිගනිමින් සැකකරුවන් ලබන 05 වැනිද තෙක් රිමාන්ඩ් බාරයට පත් කළ මහේස්ත්‍රාත්වරයා සිද්ධියට අදාළ විමර්ශනවල ප්‍රගතිය එදින අධිකරණයට වාර්තා කිරීමට රහස් පොලිසියට නියම කළේය.

මූල්‍ය අපරාධ කොට්ඨාසයේ පොලිස් පරීක්ෂක දංගල්ල, කොස්තාපල්වරුන් වන (32031) කේ.ඒ.එච්.බී. කරුණාරත්න හා (31223) අභයරත්න මහත්වරුන් සමඟ ප්‍රධාන පොලිස් පරික්ෂක ජයසුන්දර මහතා පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටියේය.

What's your reaction?

Related Posts

1 of 447

Leave A Reply

Your email address will not be published. Required fields are marked *