තවත් මාරක අනතුරු දෙකක්

දික්වැල්ල නගරය ආසන්නයේදී තංගල්ල සිට මාතර දෙසට ධාවනය වූ යතුරු පැදියක් එම දිශාවටම ධාවනය වූ ත්‍රීරෝද රථයක පිටුපස ගැටී පෙරළීමෙන් පසු මාතර සිට තංගල්ල දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක ද ඊයේ (02) ගැටී තිබෙනවා.

එම අනතුරින් යතුරුපැදියේ පිටුපස ගමන්කළ පැදිකරුගේ බිරිඳ බරපතල තුවාල ලබා බතීගම රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බව පොලිසිය පවසනවා.

මරණකාරිය වයස අවුරුදු 49ක් වූ සීනිමෝදර, නාකුළුගමුව ප්‍රදේශයේ පදිංචිකාරියක්.

අනතුර සම්බන්ධයෙන් ත්‍රීරෝද රථයේ සහ බස් රථයේ රියදුරන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර, ඊයේ (02) අත්තනගල්ල ප්‍රදේශයේදී නිට්ටඹුව සිට ඌරාපොල දෙසට ධාවනය වූ වෑන් රථයක ඉදිරියෙන් පැමිණි යතුරු පැදියක මුහුණට මුහුණ ගැටී තිබෙනවා.

අනතුරින් යතුරුපැදිකරු බරපතල තුවාල ලබා වතුපිටිවල රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බව පොලිසිය පවසනවා.

මරණකරු වයස අවුරුදු 49ක් වූ උදුගොඩ, රුක්ගහවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අනතුර සම්බන්ධයෙන් වෑන් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *