තවමත් පාසල් පෙළපොත් හෝ නිල ඇදුම් රෙදි නොලැබුණු ‍පාසලක් ඇත්නම්වහාම දැනුම් දෙන්න

තවමත් පාසල් පෙළපොත් හෝ නිල ඇදුම් රෙදි නොලැබුණු ‍පාසලක් ඇත්නම්
වහාම දැනුම් දෙන්න

රජයේ සියලු‍ පාසල් සිසුන් වෙත 2024 වර්ෂය‍ට අදාළ ව පෙළ පොත් සහ නිල ඇඳුම් රෙදි ලබාදීම පිණිස අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කර ඇත.

ඒ අනුව සියලු‍ පාසල් වෙත බෙදාහැරීම පිණිස පාසල් පෙළ පොත් සහ නිල ඇඳුම්  රෙදි  දිවයිනේ සියලු‍ ම කොට්ඨාස අධ්‍යාපන කාර්යාල ‍වෙත මේ වනවිටත් ලබා දී  අවසන් ව  ඇත.

මෙතෙක් පාසල් පෙළ පොත් සහ නිල ඇදුම් රෙදි නොලද කිසියම් පාසලක් වෙතොත් ඒ පිළිබද පහත දුරකථන / ෆැක්ස්/ ඊමේල් මගින් වහාම දැනුම් දෙන මෙන් අධ්‍යාපන අමාත්‍යාංශය අදාළ විදුහල්පතිවරුන් වෙත දන්වා සිටියි.

පෙළ පොත් සඳහා – දුරකථන අංක – 0112784815/0112785306
ෆැක්ස් – 0112784815
විද්‍යුත් ලිපිනය [email protected]

නිල ඇඳුම් රෙදි සඳහා – දුරකථන අංක – 0112785573
ෆැක්ස් – 0112785573
විද්‍යුත් ලිපිනය – [email protected]

කුෂාන් සමීර
මාධ්‍ය ලේකම්
අධ්‍යාපන අමාත්‍යාංශය

What's your reaction?

Related Posts

1 of 668

Leave A Reply

Your email address will not be published. Required fields are marked *