ත්‍රස්ත චෝදනාවකට අත්අඩංගුවට ගත් අයෙකුගෙන් නිවසින් දඹරන් පිළිමයක් මතුවෙයි

රනින් තැනු දඹරන් පිළිමයක් අලෙවි කිරීමට සුදානම් කර ඇති බවට මුල්ලේරියාව පොලිසියට ලද තොරතුරක් අනුව සිදුකළ වැටලීමකදී සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (14) උදෑසන කැළණිමුල්ලේ දී මෙම සැකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මහනුවර ව්‍යාපාරිකයෙකුට මෙම පිළිමය අලෙවි කිරීමට සුදානම්ව සිට ඇති බවයි විමර්ශනවලදී හෙළි වී තිබෙනවා.

මෙහිදී අත්අඩංගුවට ගත් එක් අයෙකු එල්ටීටී ත්‍රස්තවාදී සංවිධානය සමග සම්බන්ධකම් පැවැත්වීමේ චෝදනාව මත ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ මිට පෙර අත්අඩංගුවට ගෙන පුනරුත්ථාපානය වූ අයෙක් බවට අනාවරණය කරගෙන ඇති බවයි හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී මුල්ලේරියාව පොලිසිය සඳහන් කළේ.

අදාළ සැකකරුවන් අද (15) දිනයේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *