ත්‍රිකුණාමලයේ සිසුවියන් දෙදෙනෙකු දින 5ක සිට අතුරුදන්

ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පාසල් සිසුවියන් දෙදෙනෙකු දින පහක සිට අතුරුදහන් වී ඇති බව වාර්තා වනවා.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ එකම පාසලක ඉගෙනුම ලබන 15 සහ 17 වියේ පසුවන මිතුරියන් දෙදෙනෙකු බවයි පොලිසිය සදහන් කළේ.

ත්‍රිකුණාමලය – අභයපුර ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි සිසුවිය පසුගිය 18 වනදා උදෑසන රැකියාවකට යන බවට පවසමින් ලිපියක් ලියා නිවසින් පිටව ගොස් තිබෙනවා.

අනතුරුව ත්‍රිරෝද රථයකින් ත්‍රිකුණාමලය – සිංහපුර ප්‍රදේශයට පැමිණ 15 හැවිරිදි මිතුරියද එහි නංවාගෙන ඇයගේ නැගණියද පෙර පාසලට ඇරලවා කන්තලේ ප්‍රදේශයට ගොස් ඇති බවටයි පොලිසියට තොරතුරු ලැබී ඇත්තේ.

ඔවුන් එහි සිට බස් රථයකින් කුරුණෑගල නගරයට පැමිණ ඇති බවටද අනාවරණය වී තිබෙනවා.

සිද්ධිය පිළිබදව දෙපාර්ශවයේ දෙමව්පියන් විසින් ත්‍රිකුණාමලය මූලස්ථාන පොලිසියට සහ උප්පුවේලි පොලිසිය වෙත පැමිණිලි කර ඇති අතර ඔවුන් පිළිබඳව මෙතෙක් තොරතුරක් අණාවරණ වී නැහැ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *