ත්‍රී රෝද රථ දෙකක් එකිනෙක ගැටෙයි

අධික වේගයෙන් ධාවනය වු ත්‍රිරෝද රථ දෙකක් මුහුණට මුහුණලා ගැටිමෙන් සිදු වු අනතුරකින් රියදුරන් දෙදෙනාම තුවාල ලබා තිබෙනවා.

මෙම අනතුර අද (13) දින පස්වරු 3.30 ට පමණ හැටන් නෝටන්බ්‍රිජ් මාර්ගයේ සිදුව තිබුණා.

අධික වේගයෙන් ධාවනය වූ රථ දෙකේම වේගය පාලනය කර ගත නොහැකිව මෙම අනතුර සිදු වි ඇති බවයි පොලිසිය පවසන්නේ.

අනතුරෙන් ත්‍රිරෝද රථ දෙකටම දැඩි අලාභහානි සිදුව තිබෙන අතර, හැටන් පොලිසිය විමර්ශන සිදුකරනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *