තායිවානයේ භූ කම්පනයෙන් 4 ක් මරුට

තායිවානයේ නැගෙනහිර වෙරළ ආසන්නයේ අද (03) සිදු වූ රිච්ටර් මාපකයේ ඒකක 7. 4ක ප්‍රබල භූ කම්පනයෙන් අවම වශයෙන් 4 දෙනෙකු මිය ගොස් 50 දෙනෙකු පමණ තුවාල ලබා තිබෙනවා.

තායිපේ භූ කම්පන මධ්‍යස්ථානය සඳහන් කළේ ගොඩනැගිලි සහ උමං මාර්ග තුළ සිර වී සිටින පුද්ගලයින් බේරාගැනීමේ මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි.

තායිවානයේ හූ ආලින් නගරයට දකුණින් කිලෝමීටර් 18 ක් පමණ දුරින් මෙම කම්පනය සිදු වුණා.

එය වසර 25කට පසු තායිවානයේ සිදු වූ ප්‍රබලම භූ කම්පනයයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *