තායිවානය සමග රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අවසන් කරමින් නිවැරදි තීරණයක් ගන්නා ලෙස චීනය ග්වාතමාලාවෙන් කළ ඉල්ලීම තායිවාන විදේශ කටයුතු අමාත්‍යාංශය විවේචනය කර තිබෙනවා.
එම අමාත්‍යංශය පවන්නේ, තායිවානයේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට මැදිහත් වීමට චීනයට අයිතියක් නොමැති බවයි.
චීනයේ මෙම ප්‍රකාශය පැමිණ තිබුණේ තායිවානයේ විශේෂ දූත මණ්ඩලයක් ග්වාතමාලාවේ සංචාරයක නිරත පසුබිමක් තුළයි.
තායිවානයේ විදේශ කටයුතු අමාත්‍ය Lin Chia-lung ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයින් තිදෙනෙකු එම දූත පිරිසට අයත්.
තායිවානය සහ ග්වාතමාලාව අතර 90 වසරක මිත්‍රත්වය සැමරීම සඳහා තායිවාන රාජ්‍ය තාන්ත්‍රිකයින් මෙම සංචාරයට එක්ව තිබුණා.
එහිදී තායිවාන විදේශ අමාත්‍යවරයා ග්වාතමාලාවේ ජනාධිපති බර්නාඩෝ අරෙවාලෝ සහ ග්වාතමාලාවේ විදේශ කටයුතු අමාත්‍ය කාලෝස් රමිරෝ මාටිනෙස් හමුවූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
තායිවාය් විදේශ කටයුතු අමාත්‍යවරයා ඇතුලු පිරිසගේ ග්වාතමාලා සංචාරය ගැන විමසූ විට, සිකුරාදා මාධ්‍ය හමුවක දී චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක ලින් ජියන් පැවසුවේ ලෝකයේ ඇත්තේ එක චීනයක් පමණක් බවයි.
තායිවානය චීනයේ භූමියෙන් වෙන් කළ නොහැකි කොටසක් බව ද ඔහු පවසා තිබුණා.