තැන තැන මාරක අනතුරු

කුරුණෑගල පුත්තලම මාර්ගයේ පැල්ලන්දෙනිය ප්‍රදේශයේ දී කුරුණෑගල දෙස සිට පුත්තලම දෙසට ධාවනය වු ලොරි රථයක් මාර්ගය හරහා ගමන් කළ පදිකයෙකුගේ ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් බරපතළ තුවාල ලැබූ පදිකයා කුරුණෑගල රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 76ක් වන උඩුව, මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මේ අතර තංගල්ල පොලිස් වසමේ රැකව නෙටොල්පිටිය මාර්ගයේ හෙට්ටිය පොකුණ ප්‍රදේශයේ දී රැකව දෙස සිට නෙටොල්පිටිය දෙසට ධාවනය වූ යතුරු පැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන පෙරළි අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් බරපතළ තුවාල ලැබූ පැදිකරු තංගල්ල රෝහලට ඇතුළත් කිරීමේදී මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 38ක් වූ තඹුත්තේගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්

එමෙන්ම අතුරුගිරිය ප්‍රදේශයේ දී ද ඊයේ (28) මාරක අනතුරක් සිදුව තිබෙනවා.

කොළඹ මීතොට මාර්ගයේ සමරකඩ ප්‍රදේශයේදී පනාගොඩ දෙස සිට අතුරුගිරිය දෙසට ධාවනය වූ කැබ් රථයක් රියදුරුට රථය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවසට පැන තාප්පයක ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි සඳහන් වන්නේ.

මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 44ක් වන පුද්ගලයෙක්.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *