තැපැල් ඡන්දයේ පළමු දිනය අවසන්

ලබන 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට අදාළව පළමු දිනයේ තැපැල් ඡන්ද විමසීමේ කටයුතු අද පස්වරු 4ට අවසන් කෙරුණා.

හෙට සහ අනිද්දා දිනයේදීත් රාජ්‍ය සේවකයින්ට පෙරවරු 9 සිට පස්වරු 4 දක්වා තැපැල් ඡන්දය ප්‍රකාශ කළ හැකියි.

ඒ සඳහා දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 1,500කට අධික සංඛ්‍යාවක පහසුකම් සලසා තිබෙනවා.

අද, හෙට සහ අනිද්දා තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වන තැපැල් ඡන්ද දායකයින්ට තම සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී ලබන 11 වැනිදා සහ 12 වැනිදාද ඡන්දය සලකුණු කළ හැකියි.

කාණ්ඩ කිහිපයක් යටතේ අද සිට ඡන්දය සලකුණු කිරීම ආරම්භ වන අතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල සහ මැතිවරණ කාර්යාලවල නිලධාරීන්ට මෙන්ම පොලිස් නිලධාරීන්ට අද තැපැල් ඡන්දය සලකුණු කිරීමට අවසර හිමිව තිබුණා.

සෙසු රාජ්‍ය ආයතන, අනෙකුත් ආරක්ෂක ආයතන නිලධාරීන් සඳහා තැපැල් ඡන්දය භාවිත කිරීමට අවස්ථාව හිමි වන්නේ හෙට සහ අනිද්දා දෙදිනයි.

මෙවර තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා රාජ්‍ය සේවකයින් 712, 319ක් සුදුසුකම් ලබා තිබෙනවා.

එමෙන්ම, තැපැල් ඡන්ද මධ්‍යස්ථාන ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන අතර පොලිස් නිලධාරීන් 55,000ක් රාජකාරියේ නිරත වී ඇති බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ.

පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහන හෙට්ටිආරච්චි සදහන් කළේ දැඩි උනන්දුවකින් තැපැල් ඡන්ද දායකයින් අද සිය ඡන්දය ප්‍රකාශ කළ බවයි.

What's your reaction?

Related Posts

1 of 120

Leave A Reply

Your email address will not be published. Required fields are marked *