තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම අදින් ඇරඹෙයි

තැපැල් ඡන්ද සලකුණු කිරීම අදින් (4) ආරම්භ වනවා.

දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ මහලේකම් කාර්යාල, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහ නියෝජ්‍ය පොලිස්පති කාර්යාල, පොලිස් අධිකාරී සහ සහකාර පොලිස් ස්ථාන, පොලිස් ස්ථාන, STF කඳවුරු, විශේෂ පොලිස් ඒකක සහ ප්‍රභූ ආරක්ෂක කොට්ඨාශවල නිල ඇඳුමින් සැරසුණු කාර්ය මණ්ඩලයට සහ සිවිල් සේවකයින්ට ඒවා සලකුණු කළ හැකි බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

මෙවර ජනාධිපතිවරණය සඳහා තැපැල් ඡන්ද ලකුණු කිරීම අද (04), හෙට (05) සහ අනිද්දා (06) යන දිනවලදී සිදු කරන අතර තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා වෙන් කළ ස්ථාන ප්‍රකාශයට පත් කර තිබෙන අතර අද දින දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදී සහ මැතිවරණ කොමිෂන් සභාවේ කාර්යාලවලදී තැපැල් ඡන්ද සලකුණු කිරීමේ හැකියාව තිබෙනවා.

අද (04) සහ අනිද්දා (06) දෙදින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලවල, නියෝජ්‍ය පොලිස්පති කාර්යාල, පොලිස් අධිකාරි සහ සහකාර පොලිස් අධිකාරි කාර්යාල, පොලිස් ස්ථාන, විශේෂ කාර්ය බළකා කඳවුරු, විශේෂ පොලිස් ඒකක සහ ප්‍රභූ ආරක්ෂක කොට්ඨාසවලදී නිල ඇඳුම් කාර්ය මණ්ඩල සහ එම කාර්යාලවලට අනුයුක්තව සේවය කරන සිවිල් කාර්ය මණ්ඩලයට තැපැල් ඡන්ද සලකුණු කිරීමේ හැකියාව පවතින බව මැතිවරණ කොමිසම සඳහන් කරනවා.

හෙට (05) සහ අනිද්දා (06) යන දෙදින ත්‍රිවිධ හමුදා කඳවුරු සහ අනෙකුත් සියලු රාජ්‍ය ආයතනවල ද තැපැල් ඡන්ද සලකුණු කිරීමේ හැකියාව ඇත.

අදාළ දිනවලදී තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වන තැපැල් ඡන්ද හිමියන්ට තමන්ගේ සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී සැප්තැම්බර් 11 සහ 12 යන දෙදින ඡන්දය සලකුණු කිරීමේ හැකියාව පවතින බව ද මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දී තිබෙනවා.

ඡන්දය සලකුණු කිරීම සඳහා අනන්‍යතාව තහවුරු කිරීම අනිවාර්ය වන අතර ඒ සඳහා ජාතික හැඳුනුම්පත, වලංගු රියැදුරු බලපත්‍රය, වලංගු විදේශ ගමන් බලපත්‍රය හෝ මැතිවරණ කොමිෂන් සභාව මඟින් නිකුත් කරන ලද තාවකාලික හැඳුනුම්පත භාවිත කළ හැකිය.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *