තීරණාත්මක තරගයේ ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කණ්ඩයම අතර අද පැවැත් වූ දෙවන T20 තරගය ලකුණු 83කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 162ක් ලබා ගත්තා.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පැතුම් නිශ්ශංක ලකුණු 54ක් සහ කුසල් මෙන්ඩිස් ලකුණු 26ක් ලබා ගත්තා.

කුසල් පෙරේරා ලකුණු 24ක් සහ කමිඳු මෙන්ඩිස් ලකුණු 19 බැගින් ලබා ගත්තා.

පන්දු යැවීමේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් Romario Shepherd කඩුලු 2ක් සහ Alzarri Joseph,Shamar Joseph සහ Shamar Springer අතරේ කඩුලු 1 බැගින් බෙදී ගියා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සියල්ලන් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 89ක් පමණයි.

කොදෙව් කණ්ඩායමේ නායක Rovman Powell ලකුණු 20ක් ලබා ගත් අතර වෙනත් කිසිදු ක්‍රීඩකයෙකුට ලකුණු 20 සීමාවට ළඟා වීමට නොහැකි වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ දුනිත් වෙල්ලාලගේ සිය මංගල T20 තරගයේදී ලකුණු 09ට කඩුලු 03ක් දවා ගත්තා.

මහේෂ් තීක්ෂණ, වනිදු හසරංග සහ චරිත් අසලංක අතරේ කඩුලු දෙක බැඟින් බෙදී ගියා.

ඒ අනුව තරග තුනකින් සමන්විත T20 තරගාවලිය 1-1(3) ලෙස සමකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *