දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරක්

මත්තල දෙස සිට කොට්ටාව දෙසට ධාවනය වූ ඉන්ධන බවුසරයක් මාර්ගයේ මැද ආරක්ෂිත වැටේ ගැටී අනතුරක අද (13) අලුයම අනතුරක් සිදු වී තිබෙනවා.

මෙම අනතුර සිදු වී ඇත්තේ දක්ෂිණ අධිවේගයේ 61වන කිලෝමීටර් කණුව ආසන්නයේ දී බවයි සඳහන් වන්නේ.

අප කළ විමසීමක දී පොලිසිය සඳහන් කළේ මෙම අනතුරින් කිසිදු පුද්ගලයෙකුට තුවාල ලැබී නොමැති බවයි.

මෙයින් කොළඹ දෙසට ධාවනය වන එක් මංතීරුවක් අවහිර වී ඇති අතර, කොළඹ දෙසට ගමන් කරන වාහන අනෙක් මංතීරුවෙන් ගමන් කළ හැකි බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *