දකුණු අප්‍රිකා කණ්ඩායමට ලකුණු 18ක ජයක්

T20 ලෝක කුසලානයේ සුපිරි 08 දෙනාගේ වටයේ පළමු තරගයෙන් ජය ලබා ගැනීමට දකුණු අප්‍රිකාව සමත් වුණා.

දකුණු අප්‍රිකාව සහ අමෙරිකා එක්සත් ජනපද කණ්ඩායම් අතර අද (19) පැවති තරගයේ කාසියේ වාසිය දිනාගත් අමෙරිකානු කණ්ඩායම පන්දු යැවීමට දීමට තීරණය කළ අතර ඒ අනුව පළමුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි දකුණු අප්‍රිකාව පන්දුවාර සියල්ල අවසානයේ කඩුළු 4ක් දැවී ලකුණු 194ක් රැස් කිරීමට සමත් වුණා.

කෙසේ වෙතත් පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි අමෙරිකා කණ්ඩායමට පන්දුවාර සියල්ල අවසානයේ කඩුළු 6ක් දැවී ලබා ගැනීමට හැකි වූයේ ක් පමණී.

ඒ අනුව දකුණු අප්‍රිකා කණ්ඩායමට ලකුණු 18ක ජයක් හිමි වුණා.

එහිදී Andries Gous නොදැවී ලකුණු 80ක් රැස් කළ අතර Harmeet Singh ලකුණු 38ක්ද, Steven Taylor ලකුණු 24ක්ද ලබා ගැනීමට සමත් වුණා.

පන්දු යැවීමේ දී Kagiso Rabada කඩුළු 3ක් දවා ගත් අතර Keshav Maharaj, Anrich Nortje හා Tabraiz Shamsi එක් කඩුල්ල බැගින් දවා ගත්තා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *