දකුණු ආසියානු කාය ශූරයා සංවේදී වෙයි

දකුණු ආසියානු කාය වර්ධන ශූරතාවලියේ ලෝකඩ පදක්කම දිනාගත්තු ශ්‍රී ලංකාවේ විශ්ව තාරුක පිළිබඳ වීඩීයෝ පටයක් මේ වන විට සමාජ මාධ්‍ය හරහා සංසරණය වෙනවා.

ඒ ඔහු ජයග්‍රාහණයේ පදක්කම ලබාගැනීම සඳහා සිය මිය ගිය බිරිඳගේ ඡායාරූපයක් රැගෙන වේදිකාවට නැගීමත් සමගයි.

ඔහුගේ බිරිඳ රිය අනතුරකින් මිය ගොස් ඇති අතර ඇයගේ සිහිනය වී ඇත්තේ ඔහුගේ ජයග්‍රාහණයයි.

මෙම ජයග්‍රාහණයත් සමග සංවේදී වූ ඔහු සඳහන් කර සිටියේ තමා සිය මිය ගිය බිරිඳගේ සිහිනය ඉටු කළ බවයි.

විශ්ව තාරුක ඒ පිළිබඳව දැක්වූයේ මෙවන් අදහසක්,
“මගේ බිරිඳ තමයි මාව ක්‍රීඩාවට යොමු කලේ, මගේ කෑම බීම හදල දුන්නේ එයා මාව දිරිමත් කලේ එයා. වැස්ස දවසක මෝටර් බයිසිකලේ මාත් එක්ක එයා යද්දී ඇක්සිඩන්ට් වෙලා පසුගිය සැප්තැම්බර් එයා නැතිවුනා. එයා මම දිනනකම් බලන් හිටියේ මම මේ ජයග්‍රහණය එයාට පුද කරනවා. හැමදාමත් එයා මගේ මතකයේ ඉන්නවා.”

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *