දකුණු ආසියාවේ විශාලතම මාතෘ රෝහල

ශ්‍රී ලංකාවේ සහ දකුණු ආසියාවේ විශාලතම මාතෘ රෝහල වන ගාල්ල කරාපිටිය – ජර්මන් ශ්‍රී ලංකා මිත්‍රත්ව නව කාන්තා රෝහල ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අද පෙරවරුවේ විවෘත කෙරුණා.

ඇඳන් 640ක්, ශල්‍යාගාර 6 ක්, හදිසි ප්‍රතිකාර ඒකක, දැඩි සත්කාර ඒකක සහ ළමා රෝග ඒකකයන්ගෙන් එය සමන්විතයි.

ගාල්ල මහමෝදර මාතෘ රෝහල සුනාමි ව්‍යසනයට මුහුණ දීමෙන් පසු මෙම රෝහල ඉදිකිරීම සඳහා මුල්ගල් තැබුණේ 2005 වසරේ දෙසැම්බර් 26 වනදායි.

මේ අතර රාගම උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ විශේෂිත අක්මා රෝග ප්‍රතිකාර මධ්‍යස්ථානය විවෘත කිරීම ද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ සිදු කෙරුණා.

එම අවස්ථාවට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියා සිටියේ මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පරිවර්තනීය වෙනසක් වෙනුවෙන් කටයුතු කළ යුතුව ඇති බවයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *