දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවෙයි.

දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ මහතා නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි අවස්ථාවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද හමු විය.

එහිදී ශ්‍රී ලංකාව සහ අමෙරිකා එක්සත් ජනපදය අතර පවතින හවුල්කාරිත්වය වර්ධනය කිරීම සඳහා දෙපාර්ශ්වය අතර දීර්ඝ සාකච්ඡා පැවැති අතර මෙහි දී පවතින බංකොලොත්භාවයෙන් රට මුදවා ගැනීම සඳහා සහාය ලබා දෙන ලෙස ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඩොනල්ඩ් ලූ මහතාගෙන් ඉල්ලා සිටියේය.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *