දකුණේ අස්වැන්න කෝච්චියෙන් කොළඹට

දුම්රියෙන් බෙලිඅත්ත සිට මරදානට කෘෂි භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ විශේෂ වැඩසටහනක් ආරම්භ කරන බව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

මෙය නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීමටයි සැලසුම්කොට ඇත්තේ.

මේ අනූව ජුනි 29 වැනිදා බෙලිඅත්ත සිට මරදාන දක්වා දුම්රිය මගින් කෘෂි භාණ්ඩ ප්‍රවාහනය කිරිමේ වැඩසටහන ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

දුම්රිය හරහා කෘෂි භාණ්ඩ ප්‍රවාහන කිරීමේ ක්‍රමවේද‍ය ලෝක බැංකු ආධාර යටතේ සිදු කිරීමට සැලසුම්කොට තිබෙනවා.

මෙහිදී Online app මගින් සහ දුරකථන hotline භාවිතයෙන් කෘෂි ප්‍රවාහන කටයුතු සඳහා දුම්රිය වෙන්කර ගැනීමේ අවස්ථාව හිමිවනවා.

දුම්රිය ප්‍රවාහන ගාස්තු අවම වීම හා කෘෂි නිෂ්පාදනවලින් අතරමැදියන් සුරාකෑම අවම වන නිසා කෘෂි නිපැයුම් සාධාරණ මිලකට අලෙවි කරගැනීමට හැකිවන බවද පවසනවා.

මේ අනූව දුම්රිය දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ මේ හරහා පසු අස්වනු හානියද අවම වන බවයි.

ව්‍යාපෘතිය පිළිබඳ මූලික සාකච්ඡාව ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්වුණා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *