දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනයට අනුමැතිය

කවර හෝ ආකාරයකට සිදු කරනු ලබන ශාරීරික දණ්ඩන තහනම් කිරීම සඳහා දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීමට සහ ඒ සඳහා සුදුසු නීති සම්පාදනය කිරීම පිණිස කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පත සඳහා නීතිපතිගේ නිෂ්කාශනය ලැබී ඇති බවයි කැබිනට් තීරණයේ සඳහන්.

එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *