දඹුල්ල නගරය මැදට වන අලි කඩාපනී

දඹුල්ල නගරයට කඩා වැදුණ වන අලි තිදෙනකු නිසා දඹුල්ල නගරය තුළ නොසන්සුන් තත්ත්වයක් හටගෙන තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ පෙරේදා (23) රාත්‍රීයේ නගරයට පැමිණි මෙම වන අලින් තිදෙනා පළවා හැරීම සඳහා පැය 24ක කාලයක් ගත වූ බවයි.

හදිසියේම කඩා වැදුණු මෙම වන අලි නිසා ප්‍රදේශවාසීන්ගේ දෛනික කටයුතුවලට ද බාධා එල්ල වුණා.

කෙසේ වෙතත්,සීගිරිය වනජීවී නිලධාරීන් දඹුල්ල පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ සහය මත මෙම වන අලින් කිරලව, මාරකෑල්ල රක්ෂිත ප්‍රදේශයට පලවා හැරීමට පියවර ගත් බවයි අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *