දර කැඩීමට ගිය කාන්තාව අවාසනාවන්ත ලෙසින් ජීවිතක්ෂයට පත්වෙයි

ගසක් කඩා වැටී කාන්තාවක් ජීවිතක්ෂයට පත් වූ පුවතක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා.

ඒ තණමල්විල, කුඩාඔය, ඇතිලිවැව, තෝරආර ප්‍රදේශයෙන්.

මෙම කාන්තාව දර කැඩීම සඳහා එම ප්‍රදේශයේ කුඩා වැවක් අසළට ගොස් තිබෙනවා.

එහිදී දිරා ගිය දිවුල් ගසක් ඇය හිස මතට වැටී අතර එහිදී ඇය ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වෙන්නේ.

මෙම අවාසනාවන්ත සිද්ධියෙන් මියගොස් ඇත්තේ තිස්අට හැවරිදි කාන්තාවක්.

What's your reaction?

Related Posts

1 of 760

Leave A Reply

Your email address will not be published. Required fields are marked *