දසරාජ ධර්මයෙන් රට පාලනය කරන බව විපක්ෂ නායක කියයි

තමන් දසරාජ ධර්මයෙන් රාජ්‍ය පාලනය සිදු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂ නායකවරයා ඒ බව සඳහන් කළේ, “විනයගරුක සමාජයක් උදෙසා “ යන්න තේමා කරගනිමින් කුරුණෑගල අද (02) පැවැති භික්ෂු උපදේශක සභාව අමතමින්.

එම අවස්ථාවට පූජ්‍ය උග්ගොඩ ධම්මින්ද හිමි, ඔරිගොඩ ශ්‍රී මහින්දාරාමාධිපති පනාවල විජිතසිරි හිමි, දෙල්විට රජමහා විහාරයේ විහාරාධිපති ඉහළ කෝන් වැවේ රතනසාර හිමි සහ ශ්‍රාස්ත්‍රපති ගුළුවල රතනසිරි හිමිවරුන් ද, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගයන්ත කරුණාතිලක සහ අශෝක් අබේසිංහ ද ඊට එක්ව සිටියා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *