දහදාහක් ඉල්ලද්දී නොදුන්නැයි තරහට ගෙල පාගා මරලා

රුපියල් 10,000ක් ඉල්ලා සිටියදී එය නොදුන්නැයි කේන්තියෙන් කාන්තාවක් ඝාතනය කළ සිදුවීමක් වාර්තා වනවා.

මෙසේ ඝාතනය කොට අත්තේ 76 හැවිරිදි කාන්තාවක බවයි පොලිසිය පවසන්නේ.

ඇය කොට්ටාව, මාලඹේ පාර, අංක 720 හි පදිංචි දෝන ලීලා අබේරත්න නමැති කාන්තාවක්.

ඝාතනය පසුගිය (02)වැනිදා සිදුකර තිබෙන අතර සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙන්නේ දිනකට පසුවයි.

ඉල්ලන ලද මුදල ලබා නොදුන් අවස්ථාවේ කාන්තාවකගේ කරාබු යුගලය කොල්ල කාගෙන, ඇගේ ගෙල පාදයෙන් සිරකොට ඝාතනය කළ බවයි අත්අඩංගුවට ගත්
සැකකරු කොට්ටාව පොලිසිය හමුවේ කියා ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකරු ඝාතනයට ලක්වූ කාන්තාවගේ බෑනාගේ ව්‍යාපාරයක සේවය කරන ගෝලයෙකු බවට හදුනා ගත් බවයි පොලිසිය හිරු නිවුස් වෙත පැවසුවේ.

එම සැකකරු ආනමඩුව, නවගත්තේගම ප්‍රදේශයේ පදිංචි (29) හැවිරිදි අයෙකු බවද පොලිසිය පවසනවා.

මියගිය කාන්තාව පමණක් නිවසේ රැඳී සිටි අවස්ථාවකදී සැකකරු නිවසට පැමිණ ඇයගෙන් රුපියල් 10,000ක් ඉල්ලා තිබෙනවා.

එතරම් ලොකු මුදලක් දීමට තමන් සතුව නොමැති බව පැවසීමත් සමඟ ඝාතකයා කේන්තියෙන් පසුවී තිබෙනවා.

ඉන් පසුවයි මෙම ඝාතනය සිදුකර තිබෙන බවට අනාවරණය වී ඇත්තේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *