ද්විත්ව පුරවැසිකම තියෙන තවත් මන්ත්‍රීවරු 10ක් පාර්ලිමේන්තුවේ

ද්විත්ව පුරවැසිකම වැනි අයතා තත්ත්වයන් දරන මන්ත්‍රී පදවියට සුදුසුකම් නැති තවත් මන්ත්‍රීවරු දහදෙනෙක් පමණ පාර්ලිමේන්තුවේ සිටින බවට තොරතුරු වාර්තා වන බව සෝභිත හිමියන් සඳහන් කරනවා.

ඩයනා ගමගේ මහත්මිය හා සමානවම මන්ත්‍රී පදවියට හිමිකම් දැරිය නොහැකි ද්විත්ව පුරවැසිකම් දරන තවත් මන්ත්‍රීවරු දහදෙනෙක් පමණ සිටින බවයි උන්වහන්සේ වැඩිදුරටත් පැවසුවේ.

එමෙන්ම අදාළ මන්ත්‍රීවරුන් තමන්ගේ ගෞරවය රැකගෙන මන්ත්‍රී පදවිවලින් ඉල්ලා අස්විය යුතු බවයි උන්වහන්සේ සඳහන් කරන්නේ.

සෝභිත හිමියන් මේ පිළිබඳ දැක්වූයේ මෙවන් අදහසක්,
”අධිකරණයට යන්න කාලය හා ධනය වැය කරන්න අවශ්‍ය නැහැ තවදුරටත්. මේක හොඳම ආදර්ශය. ඒ නිසා ද්විත්ව පුරවැසිකම් ලබාගෙන මන්ත්‍රී පදවි හොබවන සියලුම දෙනා අපි කියනවා ගෞරවය ඇතිව නම්බු ඇතිව දැන් ඔය තනතුරුවලින් ඉවත් වෙන්න. පක්ෂ නායකයින්ට අපි අවධාරණයෙන් මතක් කරන්න කැමතියි තමන්ගේ පක්ෂවල නියෝජිතයන් හැටියට තෝරනකොට මෙවන් නීතිගරුක නොවන, අවනීතික පුද්ගලයන් තෝරගන්න එපා කියලා.”

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *