දාහත් හැවිරිදි තරුණියට වෙඩි ප්‍රහාරයක්

මින්නේරිය පොලිස් වසමට අයත් ගිරිතලේ ප්‍රදේශයේ පදිංචි දාහත් හැවිරිදි තරුණියකට වෙඩි තබා තුවාල සිදුකර තිබෙනවා

මෙම වෙඩි තැබීම ඊයේ රාත්‍රියේ 8.45ට පමණ සිදූවී ඇති බවයි පොලිසිය පවසන්නේ.

තරුණියගේ ගෙල ප්‍රදේශයට එල්ල වූ වෙඩි ප්‍රහාරයක් හේතුවෙන් තුවාල ලබා මේ ඇය පොලොන්නරුව මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුලත් කර පසුව අනුරාධපුරයේ රොහලට මාරු කර තත්වය අසධ්‍ය නිසා වැඩිදුර ප්‍රතිකාර සදහා පේරාදෙනි ශික්ෂණ රෝහලට මාරුකර යවා ඇති බවයි වාර්තා වෙන්නේ.

මෙම වෙඩි තැබීම සිදු කළ සැකකරු හා වෙඩි තැබීමට යොදාගත් ගිනි අවිය මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බවයි පොලිසිය පවසන්නේ.

මෙම තරුණිය දැනට වසර දෙකකට පමණ ඉහතදී ප්‍රදේශයේ හතළිස් හැවිරිදි පුද්ගලයකු සමග ප්‍රේම සම්බන්ධයක් පවත්වා ගෙන ගොස් තිබෙනවා

පසුව වසර දෙකකට ආසන්න කාලයක් මෙම තරුණිය ඔහු සමග එකම නිවසක වාසය කර තිබෙන අතර ඔහුගෙන් වෙන හිරිහැර කම්කටලු
උහුලා ගැනීමට නොහැකි වීම නිසා ඇය මවගේ නිවසට පැමිණ තිබෙන්නේ මීට සති කිහිපයකට පෙරයි.

ඉන් අනතුරුව ඔහු ඇයට නොයෙකුත් අවස්ථාවල දී මග රැක සිට තර්ජන එල්ල කර තිබෙන අතර ඇය කිහිප වතාවක්ම ඔහු ඇයට නැවතත් යාමට කතා කළත් ඇය එයට කැමති නොවීම නිසා මෙම ගැටලුකාරී තත්ත්වය උත්සන්න වී තිබෙනවා .

සිද්ධිය වූ දින එනම් ඊයේ රාත්‍රී අවුරුදු සාදයක් සඳහා තරුණිය සහ මව ඇගේ පවුලේ උදවිය සමඟ ඥාති නිවසකට ගොස් තිබෙනවා

එහිදී ම මෙම පුද්ගලයා එම ඥාති නිවසේ ඉදිරිපස දොරකඩ අසල පුටුවක වාඩි වී සිටින විටදී පැමිණ තරුණියට වෙඩි තබා පලා ගොස් තිබෙනවා

එම වෙඩි තැබීමෙන් තරුණියගේ උදර ප්‍රදේශයට බරපතල හානි සිදුවී ඇති අතර ඇය කඩිනමින් පොළොන්නරුව මහ රෝහල වෙත රැගෙන ගිය අතර ඉන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්‍ෂණ රෝහල වෙත මාරු කර යවා තිබෙනවා.

එහිදී තරුණිගෙ තත්වය බරපතළ නිසා පේරාදෙණිය මහ රෝහල වෙත රැගෙන යාමට කටයුතු කර තිබෙන අතර අද උදෑසන ඇයට ශල්‍යකර්ම කිහිපයක් කිරීමටද ඇති බවයි වාර්තා වෙන්නේ.

සිදුවීම පිළිබඳව මින්නේරිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *