දැරියකට අමානුෂික ලෙස පහර දුන් සුළු පියා අත්අඩංගුවට

නව හැවිරිදි පාසල් දැරියකට අමානුෂික ලෙස පහර දුන් බව කියන සිද්ධියක් මුල් කරගනිමින් එම දැරියගේ සුළු පියා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය පැවසුවේ පහර කෑමට ලක් වූ දැරිය හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි.

මීගොඩ ප්‍රදේශයේ පදිංචි නව හැවිරිදි දැරියකට මෙම පහරදීම සිදුකර තිබුණේ ඇගේ මවගේ දෙවන විවාහයේ සැමියා විසින්.

දැරිය පොලිසිය හමුවේ පවසා ඇත්තේ පාසල නිමවී නිවසට පැමිණෙන අතරවාරයේ තමන් සුළු පියාගේ විරුද්ධවාදියෙක් සමඟ කතාබහ කළ බවයි. ඒ බව ඔහුට නොපැවසීම හේතුවෙන් මෙම පහරදීම සිදුකර තිබෙනවා.

එම අවස්ථාවේදි ඔහු බීමතින් සිටි බවද දැරිය පොලිසිය හමුවේ පවසා තිබෙනවා.

සුළු පියා විසින් දැරියට දරුණු ලෙස පහර දෙන ආකාරය අසල්වාසීන් දැක තිබු අතර, පසුව ඔවුන් එම පුද්ගලයාට පහර දී දැරිය බේරාගෙන ඇති බවයි සඳහන් වන්නේ.

ඒ සම්බන්ධයෙන් පොලිසියට ලැබුණු පැමිණිල්ලක් මත පහරදීම සිදුකළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබුණා.

පොලිසිය පැවසුවේ අත්අඩංගුවට ගත් සැකකරු යුද හමුදා කෝප්‍රල්වරයෙක් බවයි.

පහරකෑමට ලක් වු දැරිය ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

What's your reaction?

Related Posts

1 of 287

Leave A Reply

Your email address will not be published. Required fields are marked *